ICT Sinhala Medium

 

අ.පො.ස.සා.පෙළ ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය


අ.පො.ස.සා.පෙළ ආදර්ශ ප්‍රශ්ණ පත්‍රය


තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය



 


01.පහත දැක්වෙන පිළිතුරු අතුරින් තොරතුරක් සතු විය යුතු ලක්ෂණයක් නොවනනේ,


 1)නිරවද්‍යතාවය


2)විශ්වාසවන්ත භාවය


3)විශ්ලේෂණයකට භාජනය නොවීම


4)කාලීන බව


 


02.පහත ඒවායින් දත්තයක් වන්නේ කුමක්ද?


1)ශ්‍රී ලංකාවේ ජනගහණ අනුපාතය


2)2014 වසරේ ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය


3)හෙට දිනයේ කාලගුණ අනාවැකිය


4)ලේසර් මුද්‍රණ යන්ත්‍රයක මිල


 


03.පහත දැක්වෙන උපකරණ අතුරින් දෙවන පරම්පරාවේ පරිගණක තුළ යොදා ගත් උපාංගය වන්නේ,


1)රික්තක නළ


2)ක්ෂුද්‍ර සකසනය


3)ට්‍රාන්සිස්ටරය


4)සංගෘහිත පරිපථ


 


04.පරිගණකයක සසම්භාවී පිවිසුම් මතක ධාරිතාවය 4GB වේ.එහි ධාරිතාවය සමාන වනුයේ පහත කුමක් සඳහා ද?


1) 4096 KB


2) 4096 MB


3) 4096 Byte


4) 4096 PB


 


05.පහත උපාංග අතුරින් ප්‍රතිදාන උපාංගයක් නොවන උපාංගයක් ඇතුළත් පිළිතුර වන්නේ,


1) මුද්‍රණ යන්ත්‍රය සහ කැතොඩ කිරණ නළ පරිගණක සන්දර්ශකය


2) බහු මාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය සහ ස්පීකරය


3) මුද්‍රණ යන්ත්‍රය සහ ස්කෑනරය


4) ස්පීකරය සහ තිත් න්‍යාස මුද්‍රණ යන්ත්‍රය


 


06.57 දශමය සංඛ්‍යාවට තුල්‍ය ද්වීමය සංඛ්‍යාව වන්නේ,


1)101001


2)110001


3)111011


4)111001


 


07.පරිගණක පරිණාමයත් සමඟ වර්ධනය නොවූ සාධක පමණක් අඩංගු පිළිතුර වන්නේ,


1)ප්‍රමාණය,සැකසුම් වේගය,පිරිවැය


2)පිරිවැය,ප්‍රමාණය,විදුලි පරිභෝජනය


3)තාප උත්පාදනය,ප්‍රමාණය සැකසුම් වේගය


4)විදුලි පරිභෝජනය,තාප උත්පාදනය,සැකසුම් වේගය


 


08.පහත සඳහන් උපාංග අතුරින් දක්වනයක් ( Pointing Device) නොවන්නේ,


1)මාර්ග ගුලාව(Track ball)


2)මූසිකය


3)ප්‍රකාශ පෑන


4)තීරු කේත කියවනය


 


09.අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවශ්‍යතාවයක් නොවන්නේ,


1)පරිගණකයක්


2)මොඩමයක්


3)තීරුකේත කියවනයක්


4)සන්නිවේදන පරිගණක යෙදුම් මෘදුකාංගයක්


 


10.JPEG යන වචනයෙන් විස්තර කෙරෙන දිගු වචනය වන්නේ,


1) Joint Print Expert Grade


2) Joint Personal Express Grade


3) Joint Photographer Expert Group


4) Joint Photographer Express Grade


 


11.බිටු 8 ක් සර්ව සම වනුයේ පහත කුමකටද?


1)  බයිට් 1


2) කිලෝ බයිට් 1


3) මෙගා බයිට් 1


4) නිබල් 1


 


12. එක්තරා සංඛ්‍යාවක් 23BA   ලෙස නිරූපණය විය.මෙහි සංඛ්‍යා පාදය විය හැක්කේ,


1) 10


2) 2


3) 16


4) 8


 


13.පරිගණක මගින් ඇගයීම් කරන බහුවරණ උත්තර පත්‍රෙය් පිළිතුරු සළකුණු කියවීම සඳහා යොදා ගන්නා ස්කෑනරය වන්නේ,


1) OMR


2) OCR


3) MICR


4) Barcode-Reader


 


14.සුනිල්ගේ උපන් දිනය දා ඔහු තම පන්තියේ යහළු යෙහෙළියන්ට කේක් සහ බිස්කට් සමඟ සිසිල් බීම වලින් සංග්‍රහ කරන ලදී .මෙහි සංග්‍රහයට අදාල දෑ තෝරා ගැනීමේ තර්කනය වනුයේ,


1) OR,AND


2) NOT,OR


3) AND,AND


4) OR,OR


 


15.පරිගණක විද්‍යාගාරයක ඇති දොරටු වලින් කුමන හෝ දොරටුවක් විවෘත වුවහොත් ශබ්දයක් නිකුත් වන පරිදි පරිපථයක් සකසා ඇත.මීට අදාල තාර්කික දිවාරය වනුයේ,


1) NAND


2) NOR


3) OR


4) XOR


 


16. 9 MOD 3 හි අගය කුමක්ද?


1) 0


2) 1


3) 2


4) 4


 


17.පරිගණක ජාලකරණයේදී භාවිත නොවන උපාංගයක් වන්නේ,


1)  මංමාරුව (Switch)


2) අනුග්‍රාහකය(Server)


3) සුපරික්ෂකය(Scanner)


4)ජාල අතුරු මුහුණත් පත(NIC)


 


18.ක්‍රමලේඛයක ඇති විධාන සියල්ල එකවර යන්ත්‍ර භාෂාවට හරවන්නේ,


1)  අර්ථ වින්‍යාසකය


2) සම්පාදක


3) පරිවර්ථක


4) Debugger


 


19.පහත මෙහෙයුම් පද්ධති අතුරින් චිත්‍රක අතුරු මුහුණතක් නොපෙන්වනුයේ,


1) Windows 2000


2) Windows Vista


3) DOS


4) Ubuntu


 


20.වදන් සැකසුම් මෘදුකාංගයක් සඳහා උදාහරණයක් නොවන්නේ,


1)MS Office Word


2) Lotus 123


3) Open Office Write


4)Corel Word Perfect


 


21.දත්ත සමුදාය කළමණාකරණයේදී වගු දෙකක් අතර සම්බන්ධතා ගොඩනැගීම සඳහා එම වගු අතර තිබිය යුතු අවම අවශ්‍යතාවය වන්නේ,


1)  වගු දෙකෙහි ප්‍රධාන ක්ෂේත්‍ර අනිවාර්‍යයෙන්ම සමාන විය යුතුය


2) වගු දෙකෙහි එක් ක්ෂේත්‍රයක් හෝ අනිවාර්යයෙන්ම සමාන විය යුතුය


3) වගු දෙකෙහි සියළු ක්ෂේත්‍ර අනිවාර්යයෙන්ම සමාන විය යුතුය


4)වගු දෙකෙහි තිබිය යුතු ක්ෂේත්‍ර ගණන සමාන විය යුතුය


 


ප්‍රශ්න අංක 22 සිට 25 දක්වා පහත දී ඇති වැඩපත භාවිතා කර පිළිතුරු සපයන්න.


 


22.ඉහත වගුවේ D2 කෝෂය සඳහා එකතුව ලබා ගැනීමට ලිවිය යුතු නිවැරදි ශ්‍රිතය වන්නේ,


       1) =Sum(B2:C2)


       2) =(B2:C2)


       3) =Sum($B$2:$C$2)


       4) +B2+C2


 


23.E2 කෝෂයෙහි සාමාන්‍යය ලබා ගැනීම සඳහා භාවිතා කළ හැකි නිවැරදි ශ්‍රිතය වන්නේ,


       1) =Average(B2:C2)


       2) =D2/2


       3) D2/2


       4) =Average(D2/2)


 


24.F2 කෝෂයට “Pass” ලෙස ලබා ගැනීමට ඇතුලත් කළ යුතු ශ්‍රිතය වන්නේ,


       1)=(E2>50,”Pass”,”Fail”)


       2)=if(E2>50,”Pass”,”Fail”)


       3) =if(D2>50,”Pass”,”Fail”)


       4) =if(E2>50,”Pass”,then”Fail”)


 


25.B7 කෝෂයෙහි දැක්වෙන ගණිතය උපරිම ලකුණ ලබා ගැනීම සඳහා යොදාගත් හැකි ශ්‍රිතය වන්නේ,


       1) =Max(C2:C6)


       2) =Min(B2:B6)


       3) =Max(B2+B6)


       4) =Max(B2:B6)


 


26.විද්‍යුත් ප්‍රදර්ශක මෘදුකාංගයක් භාවිතයෙන් ඉදිරිපත් කිරීමක් සිදු කරන විට අත්වන අවාසියක් වනුයේ,


       1) වඩා ප්‍රබල සන්නිවේදනයකට මඟ පෑදීම


       2) අඩු ශ්‍රමයකින් වැඩි කාරියභාරයකට මඟ සැලසීම


       3) නිර්මාණය සකස් කිරීමට ගතවන කාලය දිගු වීම


       4) ප්‍රදරිශකය සහ ප්‍රේක්ෂකයා අතර සම්බන්ධය ඉහළ නැංවීම


 


27.පුස්තකාලයක ඇති පොත්වල තොරතුරු ගබඩා කිරීම සඳහා භාවිතා කරන ලද දත්ත සමුදාය වගුවක ප්‍රාථමික යතුර යෙදීම සඳහා වඩාත්ම සුදුසු පහත ඒවා අතුරින් කුමක්ද?


       1) ප්‍රකාශකයා


       2) පොතෙහි අංකය


       3) පොතෙහි නම


       4) පොතෙහි පිටු ගණන


 


28.විද්‍යුත් තැපෑල ලොවපුරා ජනප්‍රිය වීමට හේතු වී ඇති සාධකයක් නොවන්නේ,


      1) වැඩි පිරිවැයක් වැයවීම


       2) වඩා වේගවත් වීම


       3) ලෝකය පුරාවටම සන්නිවේදනය කළ හැකි වීම


       4) සාමාන්‍ය තැපෑලෙන් යැවිය නොහැකි Animation ආදිය පහසුවෙන් යැවිය


          හැකි වීම


 


29.වදන් සැකසුම් මෘදුකාංගයක අලුතින් ලිපි ගොනුවක් විවෘත කර ගැනීම සහ මුද්‍රණය කර ගැනීමට භාවිතා කරන කෙටිමං වනුයේ,


       1) Ctrl+ O සහ Ctrl + P


       2) Ctrl + N සහ Ctrl + P


       3) Ctrl + M සහ Ctrl + V


       4) Ctrl + C සහ Ctrl + V


 


30.Adobe Photoshop හි යම් රූපයක් හෝ කොටසක් ඒ ආකාරයෙන් ම වෙනත් රූපයක් මත මුද්‍රණය කිරීමට භාවිතා කළ හැක්කේ,


       1) Clone Stamp tool


       2) Brush tool


       3) Eraser tool


       4) Crop tool


 


31.විෂුවල් බේසික් වල හඳුන්වා දී ඇත් දත්ත පනිති වලින් Byte,Integer,Long යන දත්ත පන්ති භාවිතා වන්නේ,


       1)දශම ස්ථාන රහිත තාත්වික සංඛ්‍යා කළමණාකරණයටය


       2)අක්ෂර හා ඉලක්කම් කළමණාකරණයට ය


       3)දින හා වේලාව කළමණාකරණයටය


       4)මූල්‍යමය කළමණාකැණයටය


 


32.පහත ප්‍රකාශ වලින් අල්ගොරිතමයක් විස්තර වන්නේ,


       1)පියවරින් පියවර ප්‍රශ්ණයකට විසඳුම් සොයන ආකාරයයි


       2)පරිගණක වැඩසටහන් පරීක්ෂා කිරීමයි


       3)පරිගණක වැඩසටහන් ලිවීමයි


       4)පරිගණක වැඩසටහන් කේතනය කිරීමයි


 


33.ඩිබග් (debug) යනු,


        1)උපදෙස් මාලා නවීකරණය කිරීමයි


       2)දෝෂ සහිත පරිගණක උපදෙස්මාලා හඳුනා ගැනීමයි


       3)පරිගණක කොටස් එකලස් කිරීමයි


       4)උපදෙස් මාලා ක්‍රියාවට නැංවීමයි


 


34.තොරතුරු පද්ධතියක් සංවර්ධනය කිරීමේදී යොදාගන්නා සංවිධානාත්මක ක්‍රියාවලිය,


      1)විශ්ලේෂිය චක්‍රය


       2)වැඩසඩහන් පිරිවිතර


       3)සැළසුම් චක්‍රය


       4)පද්ධති සංවර්ධන ජීවන චක්‍රය


 


35.HTML ලේඛනයක සිට තවත් පිටුවකට සන්ධානයක් (link)ඇති කිරීමට යොදාගත හැක්කේ,


       1)HREF


       2)LI


       3)UL


       4)Link


 


36.පරිගණකයක කළමණාකරණය,කාර්ය සම්බන්ධිකරණය සහ සම්පත් හවුලේ පරිහරණය කිරීම යන ක්‍රියාවන් සඳහා වගකිව යුත්තේ‍්,


       1)යෙදුම් මෘදුකාංග


       2)මෙහෙයුම් පද්ධතිය


       3)පද්ධති උපයෝගීතා මෘදුකාංග


       4)චිත්‍රක පරිශීලක අතුරු මුහුණත්


 


37.පුද්ගලයෙකුට නොමිලයේ සාදාගැනීමට නොහැකි විද්‍යුත් ලිපිනයක් වීමට වඩාත් ම ඉඩ ඇත්තේ


       1) kasun@gmail.com


       2) kasun@yahoo.com


       3) kasun@slt.lk


       4) kasun@hot_mail.com


 


38.රූපයක විභේදනය (resolution) යනු කුමක්ද?


       1)රූපයක වර්ණ සංයෝජනයයි


       2)රූපයක් පටල කිහිපයකට වෙන් කල හැකි බවයි


       3) රූපයක් සඳහා භාවිතා කර ඇති pixel සංඛ්‍යාවයි


       4) ආලෝකය සහ අඳුර සංයෝජනය වී ඇති ආකාරයයි


 


39.අංකික බෙදුම යා කිරීම සඳහා පහත සඳහන් කවරක් උපකාරී නොවේද?


       A)අඩු පහසුකම් ඇති පාසල්වලට පරිගණක බෙදා දීම


       B)අදාල ප්‍රජාවෙහි පරිගණක සාක්ෂරතාව ඉහළ නැංවීම


       C)අන්තර්ජාල ප්‍රෙව්ශයන් නැති ප්‍රජාව සඳහා එම සබඳතා ලබා දීම


       1) A හා B    2)A හා C        3)B හා C        4)A,B හා C සියල්ලම


 


40.තොරතුරු තාක්ෂණය ජාතික සංවර්ධනය කෙරහි යොදාගත හැකි ආකාරයක් නොවන්නේ,


      1)සියළුම රජජ්‍ය ආයතනවල කටයුතු පරිගණකකගත කිරීමෙනි


       2)පාසල්වල විෂයන්ට අදාල අධ්‍යාපනික මෘදුකාංග භාවිතා කිරීමෙනි


       3)දත්ත සනනිවේදනය සඳහා පරිගණක ජාල භාවිතයෙනි


       4)සෑම නිවසකටම නොමිලයේ පරිගණකයක් ලබා දීමෙනි


 



 















පිළිතුරු.............


  1. ‍3

  2. 4

  3. 3

  4. 2

  5. 3

  6. 4

  7. 2

  8. 4

  9. 3

  10. 3

  11. 1

  12. 3

  13. 1

  14. 3

  15. 3

  16. 1

  17. 3

  18. 2

  19. 3

  20. 2

  21. 2

  22. 1

  23. 1

  24. 2

  25. 4

  26. 3

  27. 2

  28. 1

  29. 2

  30. 1

  31. 1

  32. 1

  33. 2

  34. 4

  35. 1

  36. 3

  37. 3

  38. 3

  39. 4

  40. 4

 



Comments